දේශීය

දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් ඇඳිරිනීතිය

(UTV |ගම්පහ)-  දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පිරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන තිබේ.

ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ්-19 ආසාදිත වූ කාන්තාවක් හඳුනාගැනීමත් සමග එම පියවර ගෙන තිබේ.

එසේම බෙම්මුන්න, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා මෙම සංචරණ සීමා පනවා ඇත.

ඊට අමතරව මිනුවන්ගොඩ, ගන්හින්මුල්ල, ග්‍රාමසේවා වසමට ද සංචරණ සීමා පනවා ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙම ගම්මාන ඉදිරියේ දී හුදකලා කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කළේය.

)

Related posts

“ජාත්‍යන්තරයට ඕනෑ විධියට අපි සිරකරුවන් ගැන තීරණ ගන්නේ නෑ”

Mohamed Dilsad

“වැඩ බලන ජනාධිපති” ගේ විශේෂ ප්‍රකාශය

Mohamed Dilsad

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩ යළි ඇරඹීමට පියවර

Mohamed Dilsad

Leave a Comment