දේශීය

20 ගැන පෙත්සම් සලකා බැලීම හෙටින් අවසන්

(UTV |කොළඹ) –  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කිරීම සඳහා ලබා දී තිබු කාලය හෙටින් (29) අවසන් වීමට නියමිතය.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පසුගිය 22 වනදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින 07ක කාලයක් ඊට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

ඒ අනුව මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට එරෙහිව පෙත්සම් 20කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත.

කෙසේවෙතත් පෙත්සම් ඉදිරිපත් කිරීමට පවතින කාලය හෙටින් අවසන් වීමට නියමිතය.

ඒ අනුව මෙම පෙත්සම්වලට අදාළ තීරණය ‍ශ්‍රේෂ්ඨාධිකරණයට විසින් දින 21ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු අතර අදාළ කාලසීමාව තුළ මෙම කෙටුම්පත සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනිමට පාර්ලිමේන්තුවට හැකියාවක් නොමැත.

මේ අතර අද (28) දිනයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට නියමිත බව වාර්තා වේ.

Related posts

සුවය ලැබූ තවත් නාවික සෙබළුන් පිරිසක් රෝහල් වලින් පිට වෙයි

Mohamed Dilsad

තවත් ආසාදිතයන් දෙදෙනෙක් සම්පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment