දේශීය

අංගොඩ ලොක්කා මිය ගිය හේතුව අනාවරණය වෙයි

(UTV | ඉන්දියාව) – අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගොස් ඇත්තේ හෘදයාබාධයකට ගොඳුරුවීමෙන් බව ඉන්දීය විමර්ශන නිළධාරින් විසින් තහවුරු කරගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණය ඇතුලු පරීක්ෂණ කිහිපයකදී එය තහවුරු වී ඇති බව ඉන්දීය බළධාරීන් සඳහන් කරයි.

අංගොඩ ලොක්කා ඉන්දියාවේ වාසය කර තිබුණේ ප්‍රදීප් සිං යන අන්වර්ථ නාමය භාවිත කරමිනුයි.

කිසියම් විෂ වර්ගයක් ශරීරගතවීමෙන් කොයිම්බතූර් නගරයේදී අංගොඩ ලොක්කා මියගොස් ඇති බවට වාර්තා වුවත් එවැනි කිසිදු සැකසහිත කරුණක් අනාවරණ නොවන බව ඉන්දීය විමර්ශන අංශ උපුටා දක්වමින් හින්දු පුවත්පත වාර්තා කර තිබේ.

අංගොඩ ලොක්කාගේ අවසන් කටයුතු පසුගිය ජූලි 05 වනදා මදුරෙයි නගරයේදී සිදුකර ඇති බවත් ඉන්දීය වාර්තාවල සඳහන් විය.

Related posts

හොර ලොතරැයි අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයයේ, දෙවෙනි කුඹල් පෙරහර අද

Editor O

අගමැතිකම දිනේෂ් ගුණවර්ධන ට

Mohamed Dilsad

Leave a Comment