දේශීයප්‍රමුඛ පුවත 3

නිව් ඩයමන්ඩ් නෞකාව වටා මුහුදේ ඇත්තේ බොර තෙල් නොවේ

(UTV |කොළඹ) – ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මුහුදට කාන්දු වී ඇත්තේ එහි රැගෙන ගිය බොරතෙල් නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

ඊයේ(15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම අධිකාරියේ සභාපති නිීතිඥ දර්ශණි ලහදපුර මේ බව පැවසීය.

නෞකාව අවට මුහුදු ප්‍රදේශයෙන් ලබාගත් ජල සාම්පල්වල වාර්තාව ඊයේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත ලබා දෙමින් රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී ඇත්තේමෙලෙස මුහුදට ක්හාන්දු වී ඇත්තේ නෞකාවේ එන්ජින් කාමරයේ තිබූ ඝණ දැවි තෙල් වර්ගයක් බවයි.

ඒ අනුව මෙම නෞකාවෙන් සමුද්‍ර දුෂණයක් සිදුවී ඇති බවට තහවුරු වන බව එම අධිකාරියේ සමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පෙන්වා දෙයි.

මෙම නෞකාව මේ වන විට කල්මුණේ සිට නාවික සැතපුම් 64ක් දුරින් පවති.

Related posts

තංගල්ල රෝහලේ රෝගියෙක් එන්නතක් ලබාදීමෙන් පසු ජීවිතක්ෂයට

Editor O

රනිල් ජනාධිපති කොමිසමෙන් පිටව යයි

Mohamed Dilsad

ජනපති ජාතිය ඇමතීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment