දේශීය

සූදු ක්‍රීඩාවේ යෙදුණු ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

(UTV | මාතලේ – ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 8 දෙනෙකු ලග්ගල පොලිසිය මගින් අද අලුයම 2.30 ට පමණ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මුදලට සූදු ක්‍රීඩාවේ යෙදීම මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වෙයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති බුද්ධික සේනාරත්න ඇතුළු පිරිසක් බවත් ඔවුන් සන්තකයේ තිබී රුපියල් විසිහතර දහසකට වැඩි මුදල් ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගත් බව ලග්ගල පොලිසිය පවසයි.

මෙසේ සභාපතිවරයා සමග අත්අඩංගුවට පත් එක් පුද්ගලයෙකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 221 ප්‍රමාණයක් ද සොයා ගෙන ඇතිි අතර , සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ ක්‍රියාත්මකයි.

Related posts

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Editor O

කොළඹ නගරයේ රථවාහන නැවතුම් ගාස්තු පිළිබඳ පැහැදිලි කිරීමක්

Editor O

පුත්තලමේ පාසල් හෙට වසයි

Mohamed Dilsad

Leave a Comment