විදෙස්

‘ඉදිරි මාස කිහිපය අවධානම්’ ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

(UTV |ඇමෙරිකාව) – එළඹෙන ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

ඒ යුරෝපයේ දෛනිකව සිදුවන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යා හැකි බවටයි.

විදෙස් වාර්තා පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය අධ්‍යක්‍ෂ හෑන්ස් ක්ලූග් මේ බව සඳහන් කර ඇති බවයි.

සඳහන් කළේ එය  සියල්ලන්ම ප්‍රායෝගිකව මුහුණදිය යුතු තත්ත්වයක් බවයි.

මෙතෙක් එන්නතක් මගින් කොවිඩ් 19 වසංගතය මුළුමනින්ම තුරන් කළ හැකිද යන්න පිළිබඳව තවමත් විශ්වාසයක් නොමැති බවයි ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ඉදිරියට මෙම වසංගත තත්වයත් සමඟ ආරක්ෂාකාරී පියවර අනුගමනය කරමින් ජීවිතය ඉදිරියට ගෙන යාමට හුරුවීම වඩාත් ප්‍රයෝගික බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා අධ්‍යක්‍ෂවරයා අවධාරණය කරයි.

මේ වනවිට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි 94 ලක්ෂ 33,000 ඉක්මවා තිබේ. එසේම මරණ සංඛ්‍යාව 9 ලක්ෂ 32,395 ඉක්මවා ගොස් ඇත.

Related posts

ජපාන විදේශ කටයුතු ඇමති සහ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

ගුවන් යානයක් කඩා වැටී 12 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

ජාත්‍යන්තර මුහුදුදේ දී යාත්‍රාවකට අමෙරිකාවෙන් ප්‍රහාරයක්

Editor O

Leave a Comment