දේශීය

20 පිළිබඳ සෙවීමට අගමැති පත් කල කමිටුව අද රැස්වෙයි

(UTV | කොළඹ) – 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන ලස මැති ඇමතිවරුන් 09 දෙනෙකුගෙන් යුත් කමිටුව එහි සභාපති අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් අද (14) රැස්වීමට නියමිතය.

මෙම කමිටුව සකස් කරන වාර්තාව හෙට දිනයේදී අග්‍රාමාත්‍යවරයා වෙත භාර දීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

එම කමිටුව විසින් සකස් කරනු ලබන වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත හෙට භාරදීමට නියමිත අතර, අග්‍රාමාත්‍යවරයා එය අනිද්දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇත.

මහාචාර්ය ජී එල් පීරිස් , උදය ගම්මන්පිල , මොහොමඩ් අලි සබ්‍රි , නිමල් සිරිපාල ද සිල්වා , විමල් වීරවංශ යන කැබිනට් අමාත්‍යවරුන් කමිටුව නියෝජනය කරන වනවා.

ඊට ඇතුළත් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා වන්නේ සුසිල් ප්‍රේමජයන්ත සහ එස් වියලේන්ද්‍රන් මහත්වරුනුයි. ඩිලාන් පෙරේරා සහ ප්‍රේමනාත් සී දොලවත්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කමිටුවේ සෙසු සාමාජිකයින් වෙයි.

Related posts

කිසිඳු අයුරකින් පාතාලයේ යළි හිස එසවීමක් සිදුව නැහැ

Mohamed Dilsad

නායයෑමේ අවදානම් නිවේදන නොතකන්නන්ට එරෙහිව නීතිමය පියවර

Mohamed Dilsad

CEYPETCO ඉන්ධන මිල පහතට – නව මිල ගණන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment