දේශීය

නිව් ඩයමන්ඩ් නෞකාවේ දෙවන වරට හටගත් ගින්නත් මැඩ පවත්වයි

(UTV | කොළඹ) –  නිව් ඩයමන්ඞ් නෞකාවේ දෙවන වරටත් හටගත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ගින්නත් සමග නෞකාව තුළ පවතින අධික උෂ්ණත්වය සහ කාළගුණ තත්වයත් සමග ගින්න යළි හටගැනීමේ අවදානම පහවගොස් නොමැති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේය.

නිව් ඩයමන්ඞ් නෞකාව මේවනවිට ස්ථානගතව පවතින්නේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවුක සැතපුම් 30ක් දුරින් ගැඹුරු මුහුදේයි.

නෞකාව අනතුරට පත්වීම හේතුවෙන් සමුද්‍ර දූෂණයක් සිදුව ඇතිද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා මේවනවිට විශේෂ විමර්ශණයක්ද ක්‍රියාත්මකයි.

 

Related posts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය අද සිට තාවකාලිකව වැසේ

Mohamed Dilsad

උ/ පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් භාරගැනීම අවසන්

Mohamed Dilsad

දින දෙකකදී 12ක් අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment