දේශීය

නිව් ඩයමන්ඩ් නෞකාවේ දෙවන වරට හටගත් ගින්නත් මැඩ පවත්වයි

(UTV | කොළඹ) –  නිව් ඩයමන්ඞ් නෞකාවේ දෙවන වරටත් හටගත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ගින්නත් සමග නෞකාව තුළ පවතින අධික උෂ්ණත්වය සහ කාළගුණ තත්වයත් සමග ගින්න යළි හටගැනීමේ අවදානම පහවගොස් නොමැති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේය.

නිව් ඩයමන්ඞ් නෞකාව මේවනවිට ස්ථානගතව පවතින්නේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවුක සැතපුම් 30ක් දුරින් ගැඹුරු මුහුදේයි.

නෞකාව අනතුරට පත්වීම හේතුවෙන් සමුද්‍ර දූෂණයක් සිදුව ඇතිද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා මේවනවිට විශේෂ විමර්ශණයක්ද ක්‍රියාත්මකයි.

 

Related posts

ශ්‍රී ලංකාවේ සමස්ථ ආසාදිතයන් 14,000 ඉක්මවා යයි

Mohamed Dilsad

බන්ධනාගාරගත වන්නන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහ මත්ද්‍රව්‍ය අළෙවිකරුවන්

Editor O

තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන්න – ජනපති

Mohamed Dilsad

Leave a Comment