දේශීය

කලා බාහිර උපාධි ලියාපදිංචිය තාවකාලිකව නවතියි

(UTV | කොළඹ) –  කලා විෂයට අදාළ බාහිර උපාධි පාඨමාලා සඳහා නව ලියාපදිංචිය තාවකාලිව නතර කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.

කලා බාහිර උපාධිය යටතේ දැනට පවතින විෂයන් පිළිබඳව අධ්‍යනය කිරීමට සහ නව විෂයන් හඳුන්වාදීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට පිවයර ගත් බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

අදාළ කමිටුවේ නිර්දේශය අනුව ඉදිරියේදි රැකියා ඉලක්ක කරගනිමින් නව විෂය මාලාවක් කලා බාහිර උපාධි පාඨමාලා සඳහා හඳුන්වා දෙන බව ද ඔහු පෙන්වා දෙයි.

මේ වන විට කලා විෂයට අදාළව පවතින විෂය මාලාවන් දිගු කාලයක් තිස්සේ නවීකරණය වී නොමැති බවත් , ඒ හෙතුවෙන් බොහෝ සිසුන් විෂයන් කිහිපයක් පමණක් හැදිරීමට යොමුව ඇති බවත් ඒ මහතා පවසා සිටී.

නව විෂය මාලාවක් හඳුන්වා දීමෙන් පසුව යළි කලා බාහිර උපාධි පාඨමාලා සඳහා නව සිසුන් ලියාපදංචිය ආරම්භ කිරීමට පියවර ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Related posts

නිලධාරී ස්ථාන මාරු ක්‍රමවේදය ගැන පොලිස් කොමිෂමෙන් පැහැදිලි කිරීමක්

Editor O

විදේශිකයෙකු ධාවනය කළ යතුරුපැදියක ගැටී පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

දුරගමන් සේවා බස් රථ සඳහා අද සිට සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්

Mohamed Dilsad

Leave a Comment