ප්‍රමුඛ පුවත 1

ඉරානයෙන් බොරතෙල් මිලදි ගැනීමට ශ්‍රී ලංකාව තවමත් කැමැත්තෙන්

(උදයම් , කොළඹ) – බොරතෙල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ඉරානයෙන් මිලදි ගැනීමට ශ්‍රී ලංකාව තවමත් කැමැත්තෙන් පසුවන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

 

ඉරාන රජයේ ආරාධනයක් අනුව ටෙහෙරානයේ සිදුකෙරෙන සංචාරයක් අතරතුර එරට විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සරීෆ් ඊයේ (15) පෙරවරුවේ හමුවිය.

 

එම අවස්ථාවේදී , ශ්‍රී ලංකාව සහ ඉරානය අතර දිගු කාලීන මිත්‍රත්වයක් පවතින බව ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සරීෆ් සඳහන් කර ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

විදෙස් ප්‍රතිපත්තිය මත පදනම්ව ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් සමඟ පවතින සබඳතා පුළුල් කරගැනීමට බලාපොරොත්තු වන බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

 

ඉරානයට පැනවු ජාත්‍යන්තර සම්බාධක මේ වන විට ලිහිල් කර ඇති බවත් ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග වාණිජමය වශයෙන් සම්බන්ධතා තහවුරු කරගැනීමට හැකිවනු ඇති බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

 

ඇතැම් සම්බාධක ඉවත්වීමත් සමග ඉරානය සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කරගැනිමට තවදුරටත් උනන්දු වන බව අමාත්‍යවරයා එම සාකච්ඡාවේ දී  ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයාට වැඩිදුරටත් පවසා ති‍බේ.

 

Related posts

ජාතික අනතුරු නිවාරණය සතිය ජූලි 01 ක්‍රියාත්මකයි

Mohamed Dilsad

පුරහල ආශ්‍රිතව දැඩි රථ වාහන තද බදයක්

Mohamed Dilsad

මේ වසරේ ඇඟලුම් අපනයනය ඉහළට

Mohamed Dilsad

Leave a Comment