විදෙස්

බාලි දූපත් ලබන වසර දක්වා වැසේ

(UTV |බාලි දූපත් ) – බාලි දූපත, මේ වසර අවසන් වනතෙක් නැවත විදේශීය සංචාරකයින් සඳහා විවෘත නොකරන බව විදෙස් වාර්තා පවසයි.

ඒ, ඉන්දුනීසියාවෙන් වාර්තාවන නව කොරෝනාවෛරස් රෝගීන් ප්‍රමාණය වැඩිවීම හේතුවෙනි.

ලබන මාසයේ සිට විදේශීය සංචාරකයින් සඳහා බාලි රාජ්‍ය විවෘත කිරීමට බලපොරොත්තුවුවද

කෙසේවෙතත්, එරටින් වාර්තා වන Covid-19 රෝගීන් ප්‍රමාණය වැඩිවීමත් සමග මෙම තීරණය වෙනස් කර තිබේ.

ඊයේ දිනය වනවිට බාලි දූපතෙන් හමුවූ සම්පූර්ණ කොරෝනෙවෛරස් රෝගීන් ගණන 4,576ක් වූ අතර, මරණ 52ක් ද වාර්තා වී තිබුණි.

සමස්ථ ඉන්දුනීසියාවෙන්ම මේ දක්වා කොරෝනෙවෛරස් රෝගීන් 155,000 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම මරණ 6,759කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත.

Related posts

පලස්තීන ජනාධිපතිගෙන් ට්‍රම්ප්ට චෝදනා

Mohamed Dilsad

ගිනි කෙලි අනතුරකින් 39ක් රෝහලේ

Mohamed Dilsad

ජමාල් කශෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් ජගත් සංවිධානය පරීක්ෂණ අරඹයි..

Mohamed Dilsad

Leave a Comment