දේශීය

කුඩු රොෂාන්ගේ ගෝලයෙකු අත්අඩංගුවට

(UTV |කොළඹ) – සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ප්‍රසාද් රුවන් කුමාර හෙවත් කුඩු රොෂාන්ගේ ගෝලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (24) වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 600ක් ද සොයා ගැනුණි.

මේ අතර අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

එප්පාවල හල්මිල්ලෑව ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු 39 හැවිරිදි අයෙකි.අහු සමඟ ඔහුගේ මෝටර් රථයද පොලිසිය භාරයට ගැනුණි.

සැකකරු දින දෙකක රැඳවුම් නියෝගමත තබාගෙන එප්පාවල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

Related posts

මෙරටට පැමිණෙන ගුවන් යානා සඳහා පැනවූ තහනම තවදුරටත්

Mohamed Dilsad

මෙරටින් තවත් කොරෝනා මරණ තුනක්

Mohamed Dilsad

මහර බන්ධනාගාර ගැටුම අවසන් වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

Leave a Comment