දේශීය

අත්අඩංගුවට ගත් ජේලර් කාලිංග රිමාන්ඩ්

(UTV |මීගමුව) – මීගමුව බන්ධනාගාරයට නීති විරෝධී ද්‍රව්‍ය ගෙනයාමට අවසර ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජේලර් කාලිංග කළුඅග්ගල රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

ඔහු මෙම මස 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(25) නියෝග කළේය.

මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව අධිකරණයෙන් පසුගිය දා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

ඒ අනුව ජේලර් කාලිංග කළුඅග්ගල ඊයේ (24) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබේ.

 

Related posts

පොලිස් ස්ථානාධිපතිලා 32ක් ස්ථාන මාරු

Editor O

දිනක දී වැඩිම කොවිඩ් ආසාදිතයින් පසුගිය පැය 24 තුළ වාර්තා වෙයි

Mohamed Dilsad

තවත් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment