දේශීය

මහ මැතිවරණය සඳහා ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන පහසුකම්

(UTV | කොළඹ) –  මහමැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීමට කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිට ගම්බිම් බලා ගමන් ගන්නා ජනතාවට ප්‍රවාහන පහසුකම් ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ප්‍රවාහනසේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන්කර සිටියේ අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අගෝස්තු 03 න සඳුදා දින පුරපසලොස්වක පොහෝ දිනය බැවින් දීර්ඝ නිවාඩුවක් රජයේ හා පුද්ගලික අංශයේ සේවකයින්ට ලැබෙන නිසා ජූලි මස 31 දින කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල සිට ගම්බිම් බලා යන පිරිස වැඩි විය හැකි බව අමාත්‍යවරයා පවසයි.

එම පිරිසට තදබදයකින් තොරව මෙන්ම කොවිඩ් 19 සම්බන්ධව සෞඛ්‍ය උපදෙස් අනුව ප්‍රවාහණ සේවා සැලසීම තම අරමුණ බව ද අමාත්‍යවරයා ඒහිදී පැවසීය.

ඒ් අනුව අමතර පුද්ගලික බස් රථ 600 ක් යෙදවීමට ජාතික ගමනාගමන කොමිසම කටයුතු යොදා ඇති අතර ලංගම විසින් ඔවුන් සතු සියලුම බස් රථ ධාවනය සඳහා යොදවා තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු සියලුම දුම්රිය ධාවනය සඳහා යොදවන අතර ඇතැම් ගමනාන්තයන් දිර්ඝ කිරීමටත්, විශේෂ දුම්රිය කිහිපයක් අමතරව ධාවනය කිරීමටත් කටයුතු යොදා ඇත.

විශේෂයෙන් 2020.07.31 සිට අගොස්තු 04 දක්වා කාලය තුළ වැඩි පිරිසක් කොළඹින් බැහැර යාමටත්, එමෙන්ම අගෝස්තු 7-9 දක්වා කාලය තුළ ආපසු පැමිණීමටත් ඉඩකඩ පවතින හෙයින් එම කාලය තුළ තදබදයකින් තොරව මගි ජනතාවට ගමන් කිරීමට පොදු ප්‍රවාහණ සේවා යොදවන බව අමාත්‍යවරයා සදහන් කළේය.

 

Related posts

ශ්‍රී ලංකාවේ ලොතරැයි ඉතිහාසයේ විශාලම ත්‍යාග මුදල ජයග්‍රහණය කරයි

Editor O

රේගුවටත් ජනපති පරීක්ෂණ කොමිසමක් පත්කරයි

Mohamed Dilsad

‘රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීම සිහිනයක් පමණයි’

Mohamed Dilsad

Leave a Comment