විදෙස්

අඟහරු ගවේෂණයකට ඩුබායි රාජ්‍යය මෙහෙයුමක් අරඹයි

(UTV | ඩුබායි) –  එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරු ගවේෂණය සඳහා ඓතිහාසික අභ්‍යවකාශ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ ඒ සඳහා වන එච්.ටූ ඒ රොකට් යානය ටනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කර ඇති බවයි.

පසුගිය සතියේ අවස්ථා දෙකකදීම එය දියත් කිරීමට උත්සාහ කළත් පැවති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් එම උත්සහයන් ව්‍යර්ථ වී ඇත.

එච්.ටූ ඒ රොකට් යානය මේ වනවිට කිලෝමීටර මිලියන 500 ක් පමණ දුරින් අභ්‍යවකාශගතව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විද්‍යාඥ කණ්ඩායම අනාවැකි පළකර ඇත්තේ අදාළ රොකට් යානය ලබන වසරේ පෙබරවාරි මාසයේදී අඟහරු වෙත ළඟාවනු ඇති බවයි.

Related posts

ජපානයේත් කොරෝනා අවධානම ඉහළට

Mohamed Dilsad

ඇමරිකානු ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉවතට

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය කොරෝනා වෛරස් ප්‍රභේදය රටවල් 70 ක

Mohamed Dilsad

Leave a Comment