දේශීය

කන්දකාඩු ආශ්‍රිතයන් සොයා විශේෂ මෙහෙයුම්

(UTV | කොළඹ ) – ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් කන්දකාඩු හෝ සේනපුර පුනුරුත්ථාපන මධ්‍යස්ථානවල සිටින ඥාතීන් බැලීමට ගතවු සති කිහිපය තුල ගොස් ඇති කවරෙකු පිළිබඳ හෝ තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කරයි.

ප‍්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත එම තොරතුරු ලබාදිය හැකි බව සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පවසයි.

එමෙන්ම හමුදා සහ පොලිස් බුද්ධි අංශ සමග එක්ව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද රැඳවියන්ගේ ආශ‍්‍රිතයන් හඳුනාගනිමින් ඇතැයි ඔහු ප්‍රකාශ කර තිබේ.

කොවිඩ් – 19 තත්ත්වය මර්දනයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවශ්‍ය බලතල මේ දක්වා නීත්‍යානුකූල මට්ටමෙන් ලැබී නොමැති බවද ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කරයි.

Related posts

විදුලි ඒකකයක් සඳහා අය කෙරෙන ගාස්තු ක්‍රමය මෙන්න

Mohamed Dilsad

ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට කථානායක අත්සන තබයි

Mohamed Dilsad

සහල් මිල පාලනයට ගැසට් නිවේදනයක් [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment