දේශීය

රන්ජන් – රාජිත ඇතුළු පසුගිය රජයේ සිටි 7කට සිතාසි

(UTV| කොළඹ) – පසුගිය රජයේ මැති ඇමතිවරුන් ඇතුළු 7 දෙනෙකුට සිතාසි නිකුත් කිරීමට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම තීරණය කර තිබේ.

ඒ වයඹ නාවික ආඥාපති රියර් අද්මිරාල් ඩී.කේ.පී දසානායක මහතා විසින් අදාල කොමිසම වෙත ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළවයි.

2008 වසරේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව අසත්‍ය සාක්ෂි ගොනු කරමින් තමාට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරූ බව පවසමින් ඩී.කේ.පී දසානායක මහතා විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.

රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, රන්ජන් රාමනායක, අජිත් පී. පෙරේරා, ඩී.එම්.ස්වාමිනාදන් සහ ජේ.සී වැලිඅමුණ යන අයට මෙලෙස සිතාසි නිකුත් කෙරෙන බව සඳහන්.

Related posts

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි දෙනෙක් නාවිකයින්

Mohamed Dilsad

ජනපති හදිසියේම වී අලෙවි මණ්ඩලයට යයි

Mohamed Dilsad

පොහොර ගැන තවත් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment