දේශීයප්‍රමුඛ පුවත 2

ජින්තුපිටියේ ආසාදිතයා ඇසුරුකල 143 දෙනෙක් නිරෝධායනයට

(UTV | කොළඹ) – ඉන්දියාවේ සිට මෙරටට පැමිණ කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දින 14 ක නිරෝධායන ක්‍රියාවලියේ යෙදී සිටි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි. 

මෙලෙස වාර්තාවී ඇති ආසාදිතයා ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයෙක්.

එහිදී සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුවයි.

කෙසේවෙතත් දින 14 ක නිවාස නිරෝධායනයේ යෙදී සිටියදී සිදුකළ PCR පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ මෙම තැනැත්තාට කොවිඩි-19 වෛරසය ආසාදනය වී ඇති බවයි.

එබැවින් මෙම ආසාදිතයා සමාජය තුළින් හඳුනාගත් රෝගියෙකු ලෙස සැළකිය නොහැකි බවද නිරෝධායන ක්‍රියාවලියේදී තහවුරු කරගත් ආසාදිතයෙකු ලෙස සැළකෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.

මීට අදාල ඉදිරි ආරක්ෂක පියවර අදාළ අංශ විසින් ගනු ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම තත්ත්වය යටතේ එම ප්‍රදේශයේ නිවාස 29 ක සිටි 150කට ආසන්න පිරිසක් නිරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිළධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කළේය.

Related posts

ස්පුට්නික් ෆයිව් එන්නත් මිලියන 7ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ගාලු මුවදොර සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 231 කින් ආසාදිතයන් 9 ක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක ණයක්

Mohamed Dilsad

Leave a Comment