විදෙස්

ටික්ටොක් ඇතුලු චීන Apps 59 ක් ඉන්දියාව තහනම් කරයි

(UTV| ඉන්දියාව) – ටික්ටොක් ඇතුලු චීනය විසින් නිපදවන ලද ජංගම දුරකථන ඇප්ලිකේෂන 59 ක් ඉන්දියාව විසින් තහනම් කිරීමට කටයුතු කර ඇත. වී චැට් නම් ජනප්‍රිය ඇප්ලිකේෂනයද මේ අතරට ඇතුළත් වෙයි.

රටේ ආරක්ෂාවට මෙන්ම සිය ස්වෛරීභාවයට හා අඛණ්ඩතාවයට තර්ජනයක් යැයි පවසා ඉන්දියාව මෙම තීරණය ගෙන තිබේ.

දෙරට අතර දේශ සීමා උණුසුම නැවත ඉහළ යාමත් සමගයි ඉන්දියාව මෙම තීරණය ගැනීමට මූලික වී ඇත.

ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සමහර ජංගම යෙදුම් මගින් පරිශීලකයන්ගේ දත්ත අනිසි ලෙස භාවිත කිරීම සහ ඉන්දියාවෙන් පිටත සේවාදායකයන් වෙත සම්ප්‍රේෂණය කිරීම පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවයි.

ඉන්දියාව තුළ ටික්ටොක් ඇප්ලිකේෂනය භාවිත කරන සංඛ්‍යාව කෝටි 12 කට ආසන්නයි.

Related posts

ඉන්දුනීසියා ආණ්ඩුව ට එරෙහි ජනතා විරෝධතා උග්‍රවෙයි….. : රාජ්‍ය ගොඩනැගිලි ගිනි තබයි

Editor O

ඔක්සිජන් සැපයුම අඩුවීම හේතුවෙන් පාකිස්ථානයේ කොරෝනා රෝගීන් 6 දෙනෙකු මරුට

Mohamed Dilsad

බ්‍රසීලයේ සුපිරි වෙළඳසැල් බිඳ වැටෙනු ඇති බවට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment