දේශීයප්‍රමුඛ පුවත 2

මුඛ ආවරණ නොමැති තවත් 1441ක් ස්වයං නිරෝධායනයට

(UTV | කොළඹ) – බස්නාහිර පළාත තුළ ඊයේ (29) දිනයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල හැසිරුණු තවත් පුද්ගලයින් 1441 දෙනෙකු දින 7 ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

මීට පෙර ද බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල රැදී සිටි තවත් පුද්ගලයින් 1217 දෙනෙකු නිරෝධායනයට යොමු කරනු ලැබීය.

කොරෝනා ව්‍යාප්තිය අවම මට්ටමක පැවතියත් නිරෝධායන රීතීන් අනුගමනය කරන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ගැහැනු 100 දෙනෙකුට : පිරිමි 93යි….

Editor O

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට

Mohamed Dilsad

ගුරුවරුන්ට කොරෝනා එන්නත් දීම ලබන සතියේ සිට

Mohamed Dilsad

Leave a Comment