දේශීය

කරුණා අත්අඩංගුවට ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටිමින් සිවිල් ක්‍රියාකාරිකයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු මෙන්න උපකාරක පන්ති ගුරුවරයකු වන බෝසෙත් කලෙහේ පතිරණ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ වැඩබලන පොලිස්පතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් 19 වනදා දිගාමඩුල්ල ප්‍රදේශයේ පැවති මහජන රැස්වීමක දී අදහස් දැක්වූ කරුණා අම්මාන් තමා කොරෝනා වෛරසයට වඩා භයානක පුද්ගලයෙකු බවත් තමා අලිමංකඩ ප්‍රදේශයේ එක් රැයක දී හමුදා සාමාජිකයින් 2000 ක් 3000 ක් පමණ ඝාතනය කර ඇති බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවත්ය.

Related posts

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මැතිවරණ රැස්වීම් අසළ මී වද ඉවත් කිරීමේ යෝජනාවක්

Mohamed Dilsad

රාජ්‍ය ආමාත්‍යවරු සිව්දෙනෙක් ධූරවලින් නෙරපයි.

Editor O

Leave a Comment