විදෙස්

කොරෝනා ව්‍යාපත් විය හැකි තවත් ක්‍රමයක් හඳුනා ගැනේ

(UTV |කොළඹ) – පර්යේෂකයින් අනතුරු අඟවන අන්දමට නව කොරෝනා වෛරසය වැසිකිලි හරහාද සම්ප්‍රේෂණය වීමේ අවධානමක් පවතී.

ඔවුන් පෙන්වා දෙන්නේ කොවිඩ් -19 වෛරසය මිනිස් ආහාර ජීර්ණ පද්ධතිය තුළද නොනැසී පවතින බවයි.

මෙය හෙළිව ඇත්තේ චීනයේ Yangzhou සරසවියේ පර්යේෂක කණ්ඩායමක් විසින් සිදුකළ අධ්‍යයනයකදීය.

මේ අනුව මිනිස් මළ සහ මුත්‍රා වලින් නව කොරෝනා වෛරසය පිටවන බවත් එය වැසිකිළි තුල පවතින බවට හෙළිව ඇත.

මේ හේතුවෙන් වැසිකිළියට ගොස් අවසානයේ එය පිරිසිදු කිරිමේදී ජලය මුදා හරින විට වැසිකිලි පියන වසා තබන ලෙස පර්යේෂකයින් සඳහන් කරයි.

වැසිකිළියට ජලය මුදා හැරිමේදී නිකුත්වන ජල බිඳිති හරහාද කොරෝනා වෛරසය පහසුවෙන් මිනිස් සිරුරට ඇතුල්වීමේ හැකියාවක් ඇති බව අනාවරණය වී තිබේ.

එම නිසා රැකියා ස්ථානයේදී මෙන්ම පොදු වැසිකිලි භාවිතයේදී මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරිම වැදගත් බව චීන පර්යේෂකයින් පෙන්වා දෙයි.

Related posts

මගීන් 29ක් සමග ගුවන් යානයක් අතුරුදන් වෙයි

Mohamed Dilsad

ඇමරිකානු යුධ නෞකාවක් අනවසරයෙන් චීන මුහුදේ

Mohamed Dilsad

සරණාගතයින් 90ක් මුහුදට බිලි

Mohamed Dilsad

Leave a Comment