දේශීය

දිස්ත්‍රික් කිහිපයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

(UTV | කොළඹ ) – රජයේ මුද්‍රණාලය විසින් පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ දිස්ත්‍රික් 05ක ඡන්ද පත්‍රිකා මේ වන විට මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාව වෙත බාරදී ඇති බව පවසයි.

තවත් දිස්ත්‍රික් 04ක ඡන්ද පත්‍රිකා ඉදිරි දින දෙක තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත බාරදීමට නියමිත බව මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ සඳහන් කළේය.

අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ, යාපනය සහ කිළිනොච්චිය යන දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මේ වන විටත් මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.

ඉතිරි දිස්ත්‍රික්වල ඡන්ද පත්‍රිකා ද කඩිනමින් මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාව වෙත බාරදීමට පියවර ගන්නා බව ගංගානි ලියනගේ සඳහන් කළේය.

Related posts

ඔන්ලයින් ක්‍රමයට පැවැත්වූ පොල් වෙන්දේසිය

Mohamed Dilsad

සතොස මුහුණු ආවරණ අලෙවියෙන් කොටසක් මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට

Mohamed Dilsad

දෙහිඅත්තකණ්ඩිය සමූපකාර නිලවරණයෙන් මාලිමාව පරදී

Editor O

Leave a Comment