දේශීය

ප්‍රදේශ රැසකට අද තද වැසි

(UTV |කොළඹ) – අද(12) දිනයේ බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්ක වලටත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතෙත් නුවර එළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

දීවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

Related posts

සජබ, මාලිමා, අලි, පොහොට්ටු එකට ඡන්දය දී සම්මත කළ අයවැයක්…

Editor O

ඇදිරි නීති කාලය තුළ මාර්ග වල සිටි 291 අත්අඩංගුවේ

Mohamed Dilsad

ඇමති බිමල් බෝට්ටු ඉල්ලයි

Editor O

Leave a Comment