විදෙස්

වසර ගණනාවකට පසු ඇමරිකාවෙන් අභ්‍යවකාශ චාරිකාවක්

(UTV| ඇමෙරිකාව) –   ඇමෙරිකාවෙන් ගගණගාමීන් අභ්‍යවකාශයට යැවීම ආරම්භ කරමින් අභ්‍යවකාශ යානයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටත්ව ගියේය.

මෙහි විශේෂත්වය වන්නේ වසර 09 කට පසු නැවත වරක් ඇමරිකාව මෙය ක්‍රියාත්මක කිරීමයි.

ෆැල්කන් – 9 ලෙස නම් කර ඇති මෙම රොකට්ටුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අලුයම 1 . 30 ට පමණ සාර්ථකව අභ්‍යවකාශ ගතකරනු ලැබීය.

ඒ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටා ඇති කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන්.

නාසා ආයතනය සහ පුද්ගලික අභ්‍යවකාශ සමාගමක් වන ස්පේස් එක්ස් ආයතනය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබන අතර , පුද්ගලික යානයක් අභ්‍යවකාශ ගත කෙරුණු පළමු අවස්ථාවද මෙය වීම තවත් විශේෂත්වයකි.

ඉදිරියේදී මෙවැනි තවත් මෙහෙයුම් 06 ක් සිදුකිරීමට ස්පේස් එක්ස් ආයතනය සූදානමින් සිටියි.

Related posts

ඊශ්‍රායලයෙන් සිරියාවට මිසයිල ප්‍රහාරයක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය කොරෝනා වෛරස් ප්‍රභේදය රටවල් 70 ක

Mohamed Dilsad

ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment