දේශීය

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ දෙවන ගමන ජපානයට

(UTV | කොළඹ ) – ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සිය දෙවන ගුවන් ගමන් මෙහෙයුම ජපානය දක්වා ක්‍රියාත්මක කර තිබේ.

සිය මෙහෙයුම් ආරම්භ කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගියදා ලන්ඩන් සහ පාකිස්ථානයේ කරච්චි දක්වා ගුවන් මෙහෙයුම් සිදු කළේය.

ඊයේ (14) රාත්‍රී 07.20ට තම සීමිත ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරිමේ වැඩසටහන යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 454 දරණ ගුවන් යානය ජපානයේ නරීටා වෙත ගමන් ආරම්භ කළ බව අද දෙරණ ගුවන්තොටුප වාර්තාකරු සඳහන් කළේය.

මෙහි මගීන් 157 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් 16 දෙනෙකු ජපන් ජාතිකයින් වන අතර සෙසු පිරිස කටුනායක ගුවන්තොටුපලෙන් ජපානය වෙත පිවිසිය හැකි සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික සහ විදේශිකයින් 141 දෙනෙකු බව වාර්තා වෙයි.

මෙම ජපන් ජාතිකයින් 16 දෙනා ඊයේ දහවල් මාලදිවයිනේ සිට මෙරටට රැගෙන ආ ගුවන් මගීන් වෙයි.

ඔවුන් ව්‍යාපාරික පංතියේ ආසන වල 10 දෙනෙකු ද , පිරිමැසුම්දායක පංතියේ 147 ක් ද වශයෙන් අසුන් ගෙන ඇත.

Related posts

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය අද

Mohamed Dilsad

සියළු බන්ධනාගාර අමුත්තන්ට වැසේ

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභික නාම ලේඛනය කඩිනමින්

Mohamed Dilsad

Leave a Comment