දේශීය

පෙත්සම් විභාගය අවසන් වන තෙක් මනාප අංක නිකුත් නොකරයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් විභාගය අවසන් වන තෙක් මනාප අංක නිකුත් නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.   

මහ මැතිවරණයට අදාළ මනාප අංක නිකුත් කිරීම ඊයේ (13) දිනයේ සිදුකිරීමට නියමිතව තිබුණ ද එය තාවකාලිකව කල් දැමීමට එම කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මේ වන විට පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර අදාළ පෙත්සම් ලබන 18 සහ 19 යන දිනවල දී සලකා බැලීමට නියමිතයි.

එම පෙත්සම් විභාගය අවසන් වීමෙන් පසු මනාප අංක නිකුත් කිරිම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

මහ මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම මේ මස 20 වනදා ද යළිත් රැස්වීමට තීරණය කර ඇත.

Related posts

නව ආගමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය

Editor O

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

සර්වපාක්ෂික සමුළුව අරඹමින් රනිල්ගෙන් කබ්රාල්ට කනේ පහරක්

Mohamed Dilsad

Leave a Comment