දේශීය

නිරිතදිග මෝසම සක්‍රිය වුවහොත් ආපදා තත්ත්වයක් ඇතිවීමට ඉඩ

(UTV | කොළඹ) – මෙවර නිරිතදිග මෝසම සක්‍රිය වුවහොත් ආපදා තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.

එසේ වුවහොත් ගම්වතුර, නාය යාම් සහ දැඩි සුළං ආදී ආපදා තත්ත්වයන් ඇති විය හැකි බවට එමඟින් පුරෝකථනය කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වර්තමානයේ රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වයක් සමඟ නිරිතදිග මෝසම සක්‍රිය වුවහොත් එය කළමනාකරණය කිරීම දැඩි අවදානම් ක්‍රියාවලියක් බවයි.

මේ නිසා ඒ පිළිබදව අවධානය යොමු කොට කලින් සැලසුම් සකස් කිරීම සුදුසු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Related posts

වර්ජනය අතහැර සාකච්ඡා කරන්නේ නැහැ – තැපැල් වෘත්තීය සමිති පෙරමුණ

Editor O

සියලුම විශ්ව විද්‍යාල හෙට සිට සති දෙකක කාලයක් වසා දැමේ

Mohamed Dilsad

අන්තර් පළාත් බස් සේවා අද සිට

Mohamed Dilsad

Leave a Comment