දේශීය

ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩ අරඹයි

(UTV | කොළඹ ) – ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතුද අද (11) සිට නැවත ආරම්භ කිරීමට නියමිතයි.

එහෙත් සේවා ලබාගැනීම සඳහා කලින් දුරකථනයෙන් අමතා හෝ අන්තර්ජාලය ඔස්සේ දින වෙන් කරවා ගත යුතුයි.

එක්දින සේවය යටතේ අයදුම්පත් භාරදීම ,සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත් අයදුම්පත් භාරදීම , ගමන් බලපත්‍ර සංශෝධනය වැනි සියලුම සේවා සඳහා එය අදාල වනවා.

අද සිට රට යථා තත්ත්වයට පත් කිරීමත් සමග දේශීය ආදායම් දෙපාර්තමේන්තුව , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ආයතනවල කටයුතුද තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර ඇත.

Related posts

බ්‍රිතාන්‍ය අගමැතිට ඉක්මන් සුවය පතා ජනපතිගෙන් පණිවිඩයක්

Mohamed Dilsad

චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

මාස 3ක කාලයක් සඳහා අයවැය චක්‍රලේඛයක්

Mohamed Dilsad

Leave a Comment