විදෙස්

බ්‍රිතාන්‍යට පැමිණෙන විදේශිකයන් දින 14 ක නිරෝධායන කාලයකට

(UTV | කොවිඩ් 19 ) – කොරෝනා වසංගතයේ දෙවන රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා විදේශයන්ගෙන් පැමිණෙන්නන් දින 14 ක නිරෝධායන කාල සීමාවකට යටත් කිරීමට තීරණය කර ඇති බව බ්‍රිතාන්‍ය රජය පවසයි.

ජුනි මස මුල සිට මෙම සැළැස්ම ක්‍රියාත්මක කිරීමට ගුවන් සමාගම් වෙත උපදෙස් දී ඇති බවත් සංචාරකයන් ස්වයං හුදකලාවීමේ ස්ථානයේ ලිපිනය ගුවන් සමාගම් වෙත දැනුම් දිය යුතු බවත් මේ සම්බන්දව වාර්තා කරන ටයිම්ස් පුවත්පත පවසයි.

බලධාරීන් විසින් මේ ක්‍රියාව අධීක්ෂණය කරන බවත් නීති කඩකරන බව පෙනී ගියහොත් දඩ හෝ පිටුවහල් කිරීමකට මුහුණ දීමට සිදුවන බවත් එහි සඳහන් වේ.

කෙසේ වුවද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය හෝ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්දව කිසිදු අදහසක් දක්වා නොමැත.

බ්‍රිතාන්‍ය ගුවන් සමාගම් මෙම තීරණය සම්බන්දව අප්‍රසාදය පලකර ඇති අතර එමගින් ගුවන් සේවා කර්මාන්තය බිඳවැටෙනු ඇතැයි පවසා තිබේ.

Related posts

ගින්නෙන් මියගිය පිරිස තවත් ඉහළට

Mohamed Dilsad

නිදහස් දිනය වෙනුවෙන් සතියක් ජාතික ධජය ඔසවා තබන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

ත්‍රස්තයින් එල්ල කල ප්‍රහාරයකින් බුර්කිනෝ ෆාසෝහි දෙවස්තානයක සිටි 6කු මරුට

Mohamed Dilsad

Leave a Comment