දේශීයප්‍රමුඛ පුවත 1

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ඇරඹේ

(UTV | කොළඹ ) – අද (27) සිට නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ වෙයි.

නීතිපති දෙපාර්තමේන්තුව රාජකාරියේ නියුතු පෞද්ගලික ආරක්ෂක අංශ සාමාජිකාවක් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගත් නිවසකින් ආහාර ලබාගැනීම හේතුවෙන් ඇති වූ සැකය මත පසුගිය සඳුදා සිට වසා දැමුණි.

එහි සේවයේ නියුතු එම ආරක්ෂක නිලධාරිනිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් වෛද්‍ය පරීක්ෂණ සදහා ලක් කෙරුණ ද ඔවුන් අතරින් කිසිදු ආසාදිතයෙකු හමු වී නොමැති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව අද සිට විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය මත එහි කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

Related posts

විදෙස් ආයෝජන ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

ජනපතිගෙන් විශේෂ නියෝගයක්

Mohamed Dilsad

අද සිට කන්කසන්තුරේ යන ශ්‍රී දේවි [video]

Mohamed Dilsad

Leave a Comment