දේශීය

සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරමින් වෙළදාම් කළ පිරිසක් අත්අඩංගුවට

(UTV | කොවිඩ් 19) – සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරමින් වෙළදාමේ නිරත වූ පුද්ගලයින් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති අතර , මෙහිදී මුඛ ආවරණ පැළදීමකින් තොරව අනාරක්ෂිත ලෙස ඔවුන් වෙළඳ කටයුතු සිදුකර ඇති බව වාර්තා වෙයි.

සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිනොපදින වෙළදසැල් වසා දැමීමට පියවර ගන්නා බව ද දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා දැනුම් දුන්නේය.

Related posts

ගංජා කිලෝ 3200කට වැඩි ප්‍රමාණයක් සොයා ගනි

Mohamed Dilsad

කිසිදු ජාතික සම්පතක් විදේශීය පාලනයකට නොදෙන බව අගමැති කියයි

Mohamed Dilsad

දිවයින පුරා වගා හානි තක්සේරු ආරම්භ කරන ලෙස ඇමතිගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment