දේශීය

ගර්භනී මව්වරුන්ට සහ කුඩා දරුවන් හට නිවසටම ත්‍රිපෝෂ

(UTV | කොවිඩ් 19) – පවතින තත්තවයත් සමග ගර්භනී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් හරහා නිවෙස් වෙතටම ගොස් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

දරුවන්ගේ පසුගිය මාසයේ සටහන් වූ බර ප්‍රමාණයට අනුව ත්‍රිපෝෂ නිකුත් කිරිමට අමාත්‍යාංශය තීරණය කර ඇති අතර , ගර්භනී මව්වරුන්ට ලබාදිය යුතු විටමින් වර්ග ද බෙදාදීමට කටයුතු කරන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ප්‍රතිශක්තීකරණ සායනය අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිදුකිරීමට ද උපදෙස් ලබාදී ඇත.

Related posts

හපුතලේ ගුවන් අනතුරේ රස පරීක්ෂක වාර්තාව ලබන සතියේ

Mohamed Dilsad

වැලන්ටයින් සාද පවත්වන්නන්ට පොලිසිය රතු එළි

Mohamed Dilsad

“ජනාධිපති කිසිසේත්ම ඉල්ලා අස්වෙන්නේ නැහැ”

Mohamed Dilsad

Leave a Comment