දේශීය

විභාග කොමසාරිස්ට ලංකා ගුරු සේවා සංගමයෙන් ලිපියක්

(UTV | කොළඹ) – මෙවර අපොස උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ දී පවත්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳ ප්‍රකාශයක් සිදුකරන ලෙස ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙවර ප්‍රථම වරට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසු දරුවන්ගේ අධ්‍යයන කාලය තුළ අවස්ථා දෙකක දී සමස්තයක් ලෙස මාස 03 ක පමණ කාලයක් අධ්‍යයන කටයුතුවලට බලපැම් එල්ල වු බව විභාග කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමුකරමින් එම සංගමය පෙන්වා දෙයි.

2019 වසරේ පාස්කු ප්‍රහාරය නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බලපෑම් එල්ල වු බවත් මෙතෙක් පාසල් විවෘත කරන දිනය පිළිබද නිශ්චිත අදහසක් නොමැති වීමත් හමුවේ දරුවන්ට අසාධාරණයක් සිදුවන බව ගුරු සංගමයේ අදහසයි.

ලංකා ගුරු සේවා සංගමය අදාල ලිපියෙන් විභාග කොමසාරිස්වරයා වෙත පෙන්වා දී ඇත්තේ මෙම තත්ත්තවය තුළ පාසල් සහ උපකාරක පංති නොපැවැත්වීම හේතුවෙන් දරුවන්ගේ ඇතැම් පාඩම් කොටස් හැදැරීමට නොහැකි වී ඇති බවයි.

එබැවින් විභාගය සම්බන්ධයෙන් දරුවන්, ගුරුවරුන් සහ දෙමව්පියන් දැනුම්වත් කිරීමට පියවර ගන්නා ලෙසයි ඔවුන් ඉල්ලා සිටියි.

Related posts

ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසමේ අදහස

Editor O

12ක් රෝහලට යැවූ අනතුර

Mohamed Dilsad

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බන්ධනාගාරගත නොකිරීමේ තීරණයක්

Mohamed Dilsad

Leave a Comment