දේශීය

හිමි නොවූ අය හට මුදල් ප්‍රතිලාභ ලබා දීම අද සහ හෙට

(UTV | කෝවිඩ්-19) – අද (20) සහ හෙට (21) දෙදින තුළ කොවිඩ්-19 වසංගතය හමුවේ සමාජ ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලබා එහෙත් මේ දක්වා ප්‍රතිලාභ හිමි නොවූ අයවළුන්ට අදාළ මුදල් ප්‍රතිලාභ ලබාදීම දිවයින පුරා සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව, හැකි සෑම අවස්ථාවකදීම අදාළ නිලධාරීන් විසින් ප්‍රතිලාභීන්ගේ නිවෙස්වලටම ගොස් අදාළ මුදල් ලබාදීමට කටයුතු කරනු ඇති බව රජය සඳහන් කළේය.

දැනට ප්‍රතිලාභ වලට හිමිකම් ලැබිය යුතුයැයි හඳුනාගෙන ඇති කණ්ඩායම් වලට අමතරව එම සහනය තවදුරටත් ලැබිය යුතු යැයි රජය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් 20 හා 21 දෙදින තුළ හඳුනාගන්නා ජීවනෝපාය අහිමි වී සිටින අනෙකුත් කණ්ඩායම් සඳහාද හෙට දිනය වනවිට ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂිතය.

එසේම අප්‍රේල් 20 හා 21 යන දෙදින තුළ සහනාධාර ලබාදීමෙන් පසු, තවදුරටත් සහනාධාර ලැබිය යුතුයැයි අභියාචනා ඉදිරිපත් කර ඇති අයවලුන්ටද සුදුසුකම් සපුරන්නේ නම් අප්‍රේල් 22 දින එම දීමනා ගෙවීමට කටයුතු කෙරෙනු ඇත.

Related posts

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි ඉහළට

Mohamed Dilsad

අධිකරණ විනිශ්චයකාරවරු මාරු කිරීම ගැන විමර්ශනයට, විපක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි

Editor O

සුඛෝපභෝගී භාණ්ඩ සහ මෝටර් රථ ආනයනය තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment