දේශීය

විදේශයන් සිට පැමිණෙන සිසුන් සහ ගුරුවරුන් නිරෝධායන කාලයකට

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධව වාර්තාවන රටවල්වල සිට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කටයුතු කරන අනෙකුත් සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් සති දෙකක (දින 14ක) නිරෝධායන කාල සීමාවකට යටත් විය යුතු බවට අදාළ පාර්ශව දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් හා අධ්‍යාපන ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇත.

ලෝකයේ ර‍ටවල් 70 කට අධික සංඛ්‍යාවකින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සම්බන්ධ තොරතුරු හේතුවෙන් එම රටවලින් මෙරටට පැමිණෙන පිරිස් සති දෙකක, අනිවාර්ය නිරෝධායන කාලයකට යටත්විය යුතු බවට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු නිලධාරීන් දැනුවත් කරන ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන තිබේ.

Related posts

ලක්ෂ 400 කට අධික රත්තරන් තොගයක් අල්ලයි

Mohamed Dilsad

විදුලි ඉල්ලුම ඉහළට – ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක්

Mohamed Dilsad

කෙහෙළියට නීතිපතිගෙන් චෝදනාවක්

Editor O

Leave a Comment