දේශීය

අධිවේගයේ හම්බන්තොට – කොළඹ මගී ප්‍රවාහන බස් රථ සේවාව හෙට සිට

(UTV| කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට සිට කොළඹ දක්වා මගී ප්‍රවාහන බස් රථ සේවාව හෙට(24) දිනයේ සිට ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට(24) දිනයේ සිට මගීන්ට හම්බන්තොට සිට දක්ෂිණ අධීවේගී මාර්ගයෙන් සිය ගමනාගමන පහසුකම් සලසා ගත හැක.

මේ අතර අද දිනයේ විවෘත කෙරෙන මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ සිට කටුනායක ගුවන්තොටුපල සහ කඩවත දක්වා බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමටද ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇත.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත සුඛෝපභෝගී බස් රථ 10ක් යෙදවීමට නියමිත
අතර අදාළ බස් රථ අම්බලන්තොට, තංගල්ල සහ හම්බන්තොට සිටකටුනායක සහ කඩවත දක්වා ධාවනය කිරීමට නියමිතව ඇත.

ඒ අනුව හම්බන්තොට සිට කොළඹ කොටුව දක්වා ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 880ක් වන අතර තංගල්ල සිට කොළඹ කොටුව දක්වා ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 680ක් වේ.

හම්බන්තොට සිට කොට්ටාව මාකුඹුර දක්වා රුපියල් 810 ක් ද තංගල්ල සිට මාකුඹුර දක්වා රුපියල් 610ක ප්‍රවේශ පත්‍ර ගාස්තුවක් ද
අය කෙරුණු ඇත.

Related posts

කොරෝනා මරණ ගැන අසත්‍ය පුවත් පළකර ඇත්තේ විදෙස් රටවල සිටයි

Mohamed Dilsad

මහ මැතිවරණයට පැෆරල් නිරික්ෂකයන් 5,000 ක්

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු 16ක් පත් කරයි.

Editor O

Leave a Comment