දේශීය

රැකියා විරහිත උපාධිධාරීන්ට පළවනදා සිට රාජ්‍ය ආයතනවල පුහුණුවක්

(UTV| කොළඹ) –  රැකියා විරහිත උපාධිධාරීන්ට මාර්තු මස පළවැනිදා සිට රාජ්‍ය ආයතනවල පුහුණුව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට ඊයේ (05) අනුමැතිය ද හිමිවූ අතර , වසරක පුහුණු කාලයකින් පසු එම උපාධිධාරීන්ට රජයේ ස්ථිර පත්වීම් ලබාදීමට නියමිතයි.

පුහුණුව පැවැත්වෙන කාලසීමාව තුළ එම උපාධිධාරීන්ට රුපියල් 22,500 ක මාසික දීමනාවක් ද ලබා දෙනු ඇත.

මෙම රැකියා විරහිත උපාධිධාරීන්ව ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය සඳහා ද යොමු කිරීමට නියමිතව ඇති අතර , දිවයින පුරා සිටින රැකියා විරහිත උපාධිධාරීන් සංඛ්‍යාව 50,000 කට ආසන්න බව රජයේ දත්තවල සඳහන් වෙයි.

Related posts

නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද විවෘතයි

Mohamed Dilsad

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමි අපවත් වෙති

Editor O

රුපියල් 50කට ඝාතනයක් සිදුකළ සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment