දේශීයප්‍රමුඛ පුවත 1

වූහාන් සිට දිවයිනට ආ සිසුන් නිරෝධානය මධ්‍යස්ථානයට [UPDATE]

(UTV | මත්තල) – වූහාන් සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් පිරිස දියතලාව යුද හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබේ.
————————————————————————————————————————————

චීනයේ වූහාන් නගරයේ සිට ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය (UL1423) මීට ටික වේලාවකට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වනු ලැබුවේය.

පසුව යුද හමුදාව සහ ගුවන් හමුදාව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස එම සිසුන් ගුවන් තොටුපළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණි.

සිසුන් පිරිස දින 14 ක නිරෝධායන කටයුතු සඳහා තව ස්වල්ප වේලාවකින් දියතලාව යුධ හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිතයි.

Related posts

මුදල් ප්‍රතිපත්ති නොවෙනස්ව තබා ගැනීමේ තීරණයක්

Editor O

හිටපු ඇමති රිෂාඩ්ගේ රථ පෙළකට ප්‍රහාරයක්

Mohamed Dilsad

ඩිෆෙන්ඩර් අනතුරේ CCTV දර්ශන

Mohamed Dilsad

Leave a Comment