දේශීයප්‍රමුඛ පුවත 1

නිදහස් උළෙලේ පෙරහුරු නිසා මාර්ග කීපයක් වැසෙයි

(UTV | කොළඹ) –  72 වන නිදහස් දින සැමරුම් උත්සව පෙරහුරුව හේතුවෙන් නිදහස් චතුරස්‍රය සහ අවට පිහිටි මාර්ග කිහිපයක් අද (26) තාවකාලිකව වසා ⁣තැබෙනු ඇත.

එහි පළමු පෙරහුරුව අද උදෑසන 8.30ට සිදුකරන බවයි පොලිස් මූලස්ථානය පැවසීය.
මේ අනුව පුස්තකාල වටරවුමේ සිට හෝටන් වටරවුම දක්වා මාර්ගය වසා තැබෙන බව පොලිසිය පවසයි.

එමෙන්ම එෆ්.ආර්.සේනානායක මාවත, කන්නන්ගර මාවත හංදියෙන් සහ ධර්මපාල මාවත හංදියෙන් වසා තැබීමට නියමිතව ඇත.

සොයිසා වටරවුමෙන් කන්නංගර මාවතට වාහන ඇතුළු කිරීමට ඇති මාර්ගය ද නන්දා මෝටර්ස් හංදියෙන් නෙළුම් පොකුණ වටරවුම දෙසට වාහන ඇතුළු කිරීමට ඇති මාර්ගය ද වසා තැබේ.

120 බස් මාර්ගයේ ගමන් ගන්නා බස් රථ ඉබ්බන්වල හංදියෙන් ලිප්ටන් වටරවුම දෙසට පිවිස ධර්මපාල මාවත ඔස්සේ රතු කුරුස හංදිය, පුස්තකාල වටරවුම ඔස්සේ ගමන් කළ යුතු වෙයි.

ග්ලාස් හවුස් හංදිය ඔස්සේ කොළඹ දිසාවට ගමන් කරනු ලබන සියලුම වාහන වම් පසට හරවා පුස්තකාල වටරවුම ඔස්සේ ධර්මපාල මාවතෙන් හෝ ලිබර්ටි වටරවුම හරහා ගමන් කළ යුතු බව පොලීසිය පැවසුවේය.

මීට අමතරව බොරැල්ල සිට හෝටන් පෙදෙස ඔස්සේ කොළඹට ඇතුළු වන වාහන සඳහා විකල්ප මාර්ග ලෙස වෝඩ් පෙදෙස ඔස්සේ සොයිසා වටරවුම හරහා ද බෞද්ධාලෝක මාවත හරහා ගාලු පාර දෙසට ද ගමන් කළ හැක.

Related posts

මෙරට අසාදිතයින් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

නිරෝධායන නීති කඩමින් අත්අඩංගුවට පත්වූවන් 80,000 ට ආසන්නයි

Mohamed Dilsad

අද ඩොලරය

Editor O

Leave a Comment