දේශීය

වන ජීවී ඇමතිගේ රියදුරු රිමාන්ඞ්

(UTV | කොළඹ) – කහටගස්දිගිලියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ රියදුරා ලබන 30 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිසිය කියා සිටියේ ඔහු බන්ධනාගාර නිළධාරීන් භාරයේ අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

පෙරේදා (16) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් 35 හැවිරිදි සිවිල් ආරක්ෂක භටයෙකු මියගිය අතර ඔහුගේ බිරිඳ සහ දැරිය තුවාල ලැබුවේය.

කහටගස්දිගිලිය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Related posts

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට තීරණය කරයි.

Editor O

ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක්

Editor O

ළමුන්ගේ පාසල් බෑග් පරික්ෂා කළ යුතු ආකාරය ගැන පොලිස්පති කියයි

Mohamed Dilsad

Leave a Comment