Trending News

මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය මන්ත්‍රීවරුන්ට අනිවාර්ය කරයි

(උදයම්,කොළඹ)   –  මෙවර මැයි දින රැළියට පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය අනිවාර්ය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කරයි.

ඊයේ රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී මෙමෙ තීරණය ගෙන තිබේ.

මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර  ඊට සහභාගි නොවන පක්ෂයේ පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මැයි පළමුවනදායින් පසු පැවැත්වෙන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගැනීමටද ඊයේ එකඟතාවකට පැමිණ ඇත.

Related posts

UK pulling out of EU sat-nav project

Mohamed Dilsad

ජාතික කෞතුකාගාරයේ, ගිනි ආරක්ෂණ කොන්ත්‍රාත්තුව දෙදෙනෙකුට දීලා රජයට කෝටි 09ක් පාඩුයි.

Editor O

வெள்ளத்தால் பாதிக்கப்பட்ட உறவுகளுக்கு உதவுமாறு முன்னாள் முதலமைச்சர் வேண்டுகோள்

Mohamed Dilsad

Leave a Comment