දේශීය

රාජිතට ඇප දීමේ නියෝගයට එරෙහිව ප්‍රතිශෝධිත අයදුම්පතක්

( UTV | කොළඹ ) – නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයටඑරෙහිව ප්‍රතිශෝධිත අයදුම්පතක් ගොනුකර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරාජයරත්න ප්‍රකාශ කළාය.

ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය දෙසැම්බර් මස 27 වනදානාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේදී අත්අඩංගුවට ගනු ලැබුවේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පසුගිය මස 30 වනදා ඇප නියම කළ අතර, රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා තවමත්නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ රැඳී සිටියි.

Related posts

හෙට සිට දරුවන් පාසල් එවීමට දෙමාපියන් බිය වියයුතු නැහැ

Mohamed Dilsad

ආනයනය කළ අලුත් වාහන 196 ක් ලබන සතියේ සිට වෙළෙඳපොළේ අළෙවියට

Editor O

අමානුෂික ඝාතනයක්

Mohamed Dilsad

Leave a Comment