දේශීය

රාජිතට ඇප දීමේ නියෝගයට එරෙහිව ප්‍රතිශෝධිත අයදුම්පතක්

( UTV | කොළඹ ) – නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයටඑරෙහිව ප්‍රතිශෝධිත අයදුම්පතක් ගොනුකර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරාජයරත්න ප්‍රකාශ කළාය.

ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය දෙසැම්බර් මස 27 වනදානාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේදී අත්අඩංගුවට ගනු ලැබුවේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පසුගිය මස 30 වනදා ඇප නියම කළ අතර, රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා තවමත්නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ රැඳී සිටියි.

Related posts

දුෂ්කර පාසල්වල ගුරුවරුන්ට වැටුපට අමතරව තවත් දීමනාවක් – අධ්‍යාපන ඇමති

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුව, රටට අවාසි අයිඑම්එෆ් ගිවිසුම සමග ඉදිරියට යනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

අරගලය පාලනය කළ මමත්, මැතිවරණයෙන් පරාද වුණා. – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment