දේශීය

පූජිත්ට එරෙහි සෝපාන නඩුවේ විමර්ශණ කටයුතු අවසන්

(UTV | කොළඹ) –  පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව සිදුකරන නඩුවක විමර්ශණ කටයුතු අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම්දෙනු ලැබීය.

ඒ , පොලිස් මූලස්ථානයේ සෝපාන ක්‍රියාකරු ලෙස කටයුතු කළ කාර්යාල කාර්ය සහයකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවයි.

අදාළ පැමිණිල්ල අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

විමර්ශණයට අදාල අවසන් වාර්තාව ලබන මාර්තු මස 18 වනදා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව නඩු පවරන්නේ කොළඹ මහාධිකරණය හමුවේ ද නැතහොත් වෙනත් අධිකරණයක් හමුවේද යන කරුණ එදිනට දැනුම් දෙන බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියහ.

Related posts

රනිල් වික්‍රමසිංහ මහත්මයා මහ බැංකු හොරකම කළ බවට මම කිසිම වෙලාවක කියලා නැහැ – ඇමති බන්දුල ගුණවර්ධන

Editor O

අද දවසේ තවත් කොවිඩ් ආසාදිතයන් 350 ක්

Mohamed Dilsad

ග්‍රාම නිලධාරි පුරප්පාඩු 2000 ක්

Mohamed Dilsad

Leave a Comment