දේශීයප්‍රමුඛ පුවත 1

උතුරු නැගෙනහිර දේශපාලන ගැටළුවට ස්ථිර විසදුමක් අවශ්‍යයි – සුරේෂ් ප්‍රේමචන්ද්‍ර

(UTV | කොළඹ) – දෙමළ ජනතාවගේ දැවෙන ගැටළු වෙනුවෙන් පසුගිය රජය හෝ විසඳුමක් ලබා නොදුන් නිසා නව රජය මගින්  හෝ ස්ථිරසාර විසදුම් ලබා ගැනීමට දෙමළ දේශපාලඥයින් කටයුතු කළ යුතු බව ‍ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විට ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම වන ගැටළුව මේ අවස්ථාවේ වැදගත් නොවන බවයි.ඊට වඩා දෙමළ ජනතාවට බලපාන ගැටළු රැසක් පවතින බව සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා කියා සිටියි.

ඒ අනුව උතුරු නැගෙනහිර දේශපාලන ගැටළුවට ස්ථිර විසදුමක් ලබා ගැනීම, යුධ අපරාධ වෙනුවෙන් සාධාරණය ඉටුකර ගැනීම,අතුරුදහන්වූවන්ගේ ගැටළුවට විසදුමක් ලබා ගැනීම, යුද්ධයෙන් මියගියවූවන්ට සාධාරණත්වයක් ලබා ගැනීම, උතුරු පළාතේ වැන්දඹු පවුල් නඟා සිටුවීම, පුනරුත්තාපනය ලැබුවන්ගේ ජිවිත සංවර්ධනය කිරීම වැනි ප්‍රධාන පෙළේ ගැටළු රැසක් වේ.

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට දේශපාලන විසදුමක් ලබා ගැනීම උදෙසා පැවති රජයන් සමඟ දෙමළ දේශපාලඥයින් විවිධ සාකච්ජාවන් පැවැත්වුවද අදාළ ගැටළුව වෙනුවෙන් මේ දක්වා නිසි විසදුමක් නොලැබීම සම්බන්ධයෙන් කණගාටු වන බවද හෙතෙම පැවසුවේය.

Related posts

ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

Mohamed Dilsad

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය රෝහලක් බවට පත්වෙයි

Mohamed Dilsad

විපක්ෂයේ ප්‍රධාන ධූරය ගැන තීරණයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment