ප්‍රමුඛ පුවත 1

තොරතුරු පනතට අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු සමාලෝචන කමිටුවක්

(උදයම්,කොළඹ)   –  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු ලබාදීම වෙනුවෙන් සමාලෝචන කමිටුව පත් කෙරේ.

පසුගියදා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් එම කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරිණි.

මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් අවශ්‍ය තොරතුරු අමාත්‍යාංශයේ ඒ සඳහා පිහිටුවා ඇති කාර්යාලය මඟින් හෝ  http://edulk.info/rti/ වෙබ් අඩවිය හා සම්බන්ධ වීම මඟින් ලබාගැනීමේ හැකියාව ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු ලබාදීමේ නිලධාරියා ලෙස අතිරේක ලේකම් – පාලන හා මුදල්, එච්. හේවගේ මහතා කටයුතු කරනු ලබයි.

ඊට අමතරව මෙම  කමිටුවේ සාමාජිකයන් ලෙස අතිරේක ලේකම් (ප්‍රතිපත්ති සැලසුම් හා ප්‍රගති සමාලෝචන), අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන), අතිරේක ලේකම් (අධ්‍යාපන සේවා ආයතන), අතිරේක ලේකම් (ප්‍රසම්පාදන හා ඉදිකිරීම්), අතිරේක ලේකම් (පාසල් කටයුතු) හා නීති උපදේශකවරයා පත් කර ඇති අතර සමාලෝචන කමිටුවේ ලේකම්වරයා ලෙස ජාතික මෙහෙයුම් මැදිරියේ අධ්‍යක්ෂවරයා පත් කර තිබේ.

කමිටුව විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන අනුව මෙම කාර්යය සඳහා රාජකාරීමය වශයෙන් ප්‍රමුඛතාව ලබා දී කටයුතු සිදුකිරීමට නියමිතය.

සමාලෝචන කමිටුවේ කටයුතු පිළිබඳ සෑම මාසයකම තමාට වාර්තා කරන ලෙස ද මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Related posts

සමාජ මාධ්‍ය යළි තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු ප්‍රහාරයක් පිලිබඳ අසත්‍ය තොරතුරු දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment