Trending News

රැකියා ලබාදෙන පවසමින් රුපියල් කෝටි දෙකක් පමණ වංචාකල පුද්ගලයෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)    –  සීෂෙල්ස් රාජ්‍යයේ රැකියා ලබාදෙන පවසමින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ.

ඔහු විසින් විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කඩවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම විදේශ රැකියා ආයතනය, සීෂෙල්ස් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසමින් පුවත්පත් දැන්වීම් පළ කර ඇත.

ඒ අනුව රැකියා අපේක්ෂාවෙන් පැමිණෙන පුද්ගලයන්ගෙන් මූලික ගෙවීම් ලෙස රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් බැගින් ලබාගෙන තිබේ.

2016 වසරේ අගෝස්තු මස සිට 2017 වසරේ පෙබරවාරි දක්වා කාලය තුළ මෙම වංචාව සිදුකර ඇති අතර, මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා අදාළ ආයතනයේ කළමනාකරු ලෙස පෙනී සිට ඇත.

අනතුරුව හදිසියේ මෙම ආයතනය වසා දමා ඇති අතර, ඒ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම පුද්ගලයා වලස්මුල්ල ප්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ බවයි කාර්යාංශය සදහන් කරයි.

එහිදී ඔහු සමඟ විදේශ ගමන් බලපත්‍ර 200 කට ආසන්න ප්‍රමාණයක්ද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති අතර, එම විදේශ රැකියා නියෝජිත ආයතනයේ බලපත්‍රයද අසාදු ලේඛණ ගතකර තිබේ.

Related posts

Russian Naval Ship departs Colombo harbour

Mohamed Dilsad

Dinusha Gomes wins bronze at Commonwealth Games

Mohamed Dilsad

ஆதரவு வழங்கும் வேட்பாளர் தொடர்பில் கூட்டமைப்பின் கலந்துரையாடல் இன்று

Mohamed Dilsad

Leave a Comment