ප්‍රමුඛ පුවත 1

මාතලේ මහනගර සභාවේ අයවැය දෙවන වතාවටත් පරාදයි

 

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයට බලය හිමි මාතලේ මහනගර සභාවේ අයවැය අද (23) දෙවන වරටත් පරාජය වී තිබේ.

ඒ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ 2020 වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මාතලේ මහනගර සභාවේ අයවැය පළමුවරට පරාජයට පත්වූයේ පසුගිය 18 වනදායි. අද දිනයේ අයවැයට විපක්ෂව ඡන්ද 10 ක් ලැබී ඇති අතර, පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 07 ක් පමණයි.

අයවැයට විරුද්ධව ඡන්දය ලබාදුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සය දෙනා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ කම්කරු කොංග්‍රසයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනායි.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිට ඇති අතර , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු මෙන්ම, එක්සත් ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ද, ඡන්දය ලබාදීමෙන් වැළකී සිට තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති මහා සංඝරත්නයේ ප්‍රශංසනයට

Mohamed Dilsad

සෑම විහාරස්ථානයකටම දහම් පාසල් පහසුකම් – ඇමති සජිත්

Mohamed Dilsad

සුරක්ෂිතදේශයක් – සෞභාග්‍යමත් රටක් තේමාවෙන් නිදහස සැමරේ

Mohamed Dilsad

Leave a Comment