ප්‍රමුඛ පුවත 1

දක්ෂිණ අධිවේගයේ බස් ගාස්තු සංශෝදනය කෙරේ

(UTV | කොළඹ) –  දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු අද (23) සිට ක්‍රියාත්මකවන පිරිදි අඩු කිරීමට කටයුතු කර ඇත. 

ඒ, එළඹෙන උත්සව සමය සැලකිල්ලට ගනිමින්ය.

ඒ අනුව මාතර සිට මීගමුව දක්වාත් ගාල්ල සිට මීගමුව දක්වාත් ධාවනය වන බස්රථවල ගාස්තු අඩු කිරීමට නියමිත බව මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පැවසීය.

එහිදී මීගමුව සිට මාතර දක්වා නව ගාස්තුව රුපියල් හත්සියක් දක්වා අඩුවේ.

මීට පෙර එම ගාස්තුව රුපියල් 720කි. මීගමුව සිට ගාල්ල දක්වා රුපියල් 630 ක් වන බස්ගාස්තුව රුපියල් 600 ක් දක්වා අද සිට අඩුවනු ඇති බව මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ විශාලතම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ළගදීම.

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11 ක්

Mohamed Dilsad

නාවික සහ ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment