ප්‍රමුඛ පුවත 1

නාවික සහ ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

(UTV| කොළඹ) – මධ්‍යම ඛෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘ගජ’ සුළි කුණාටුව හේතුවෙන් අද පෙරවරුවේ සිට දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්න බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව  පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්ඛෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත නොවන ලෙස දැනුම්දීමක් කරයි.

එම සුළිකුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වීමෙන් පසු අනිද්දා පෙරවරුවේ ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ තීරය ආසන්නයෙන් ගමන් කර දකුණු තමිල්නාඩුව වෙත ගමන් කරනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මේ හේතුවෙන් අනතුරු අගවා ඇති මුහුුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 110 ක් දක්වා වර්ධනය විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇමති ධුර බෙදී ගිය ආකාරය ජනපති පහදයි[PHOTO]

Mohamed Dilsad

රත්‍රන් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පුරහල අවට දැඩි රථවාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment